කේ.පී සම්බන්ධ පෙත්සම සලකා බැලීමට තීරණයකරයි

කේ.පී සම්බන්ධ පෙත්සම සලකා බැලීමට තීරණයකරයි

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට පෙත්සම අද (25) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම ඔක්තෝබර් මස 25 වන දින සලකා බලන බව අභියාචනාධිකරණ නිවේදනය කර ඇත.

කේ.පී. සතුව නැව් 7ක්, විදෙස් වත්කම්, රත්‍රන්, විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක්ද යන්න හෙළිකරන ලෙසත් කේ.පී. වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් චෝදනා 193ක් සහිතව ජනතා විමුක්ති පෙරමු‍ණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇත. 

මෙම පෙත්සම පවත්වාගෙන යන්නේද නොයන්නේද යන්න අභියාචනාධිකරණය විසින් පසුගියදා පැමිණිලි පාර්ශවයෙන් විමසූවිට පෙත්සම ඉදිරියටත් පවත්වාගෙන යන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතීයින් පසුගිය 30වනදා අධිරණයට දන්වා තිබිණ.

ආශ්‍රිත පුවත් 

VIDEO:- කේ.පීගැන පරීක්ෂණ ඉදිරියට

KPගේ පරීක්ෂණ අවසන් නැහැ-පෙත්සම පවත්වනවාද?-ජවිපෙන් අසයි

කේ.පී. නඩුව පවත්වාගෙන යනවා – ජවිපෙ අධිකරණයට කියයි

Facebook
Twitter
LinkedIn