DLB ලොක්කාටත් ඇප – විදේශගතවීමත් තහනම්

2014 නොවැම්බර් 17 සිට 2014 දෙසැම්බර් 10 දක්වා කාලයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ප්‍රවර්ධනය සඳහා පෞද්ගලික අංශය සමඟ ඇති කර ගත් ගිවිසුමක් නිසා රජයට රුපියල් මිලියන 23 ක අලාභයක් කළැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම විසින් පැවරූ නඩු 3ක් අද (25) විභාගයට ගෙන තිබේ.

එහිදී ඔහුට එක් නඩුවකට රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් රුපියල් මිලියන 60ක් ශරීර ඇප නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුගේ විදේශ ගමන්ද තහනම් කරන ලෙසද  නියෝග කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් මොහුට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ ගොනුකළ තිබූ පැමිණිල්ලක්ද සලකා බැලූ අතර ඊට අදාළ සාක්ෂි ලබා දීම විජිත හේරත් මහතා විසින් පසුගිය මැයි 30වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරිණ. 

මෙම නඩුව නැවත නොවැම්බර් 25 වැනි දින විභායට ගැනීමට නියමිතය.

ආශ්‍රිත පුවත්

 

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නඩුවට විජිත හේරත් සාක්සි දෙයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිට නොතීසි

Facebook
Twitter
LinkedIn