හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මොරගහකන්ද ව්‍යාපෘතියට අයත් කළුගඟ ජලාශයේ වේලලේ නිධන්වස්තු තැන්පත් කිරීමේ උත්සවයට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පැමිණෙන ගුවන්යානා ගොඩබාන කළුන්දෑව ප්‍රදේශයේ එම ස්ථානයේ සිට කිලෝමීටරයක් දුරට ඇති වපසරියේ ඇති බඹරුන් සහ දේබරුන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ගුවන්යානා ගොඩබෑමේදී මෙම සතුන් ඇවිස්සෙන බැවින් එම සතුන් ඉවත් කර දෙන ලෙස ජනාධිපති ආරක්ෂක අංශය වනජීවී නිලධාරීන්ට දන්වා ඇතත් වනජීවී නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ එය තම රාජකාරියට පටහැනි බැවිනි.
කෙසේ නමුත් අද (24) පස්වරුවේ සිට කළුන්දෑව ප්‍රදේශයේ සිටින බඹරකැපීමේ ශිල්පය දන්නා කිහිපදෙනෙකු රැස්කරගෙන ජනාධිපතිපි ආරක්ෂ අංශ නිලධාරීණ් ආදළ වපසරියේ බඹරුන් හා දෙබරුන් ඉවත් කරමින් සිටින බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසරවේදීන් පවසන්නේ වනජීවී නිලධාරීන්ගේ වගකීම වනසතුන් ආරක්ෂා කිරීම බැවින් එම සතුන් විනාශකිරීමේ කර්තව්‍යයට ඔවුන් හවුල්වීම නීති විරෝධී බවය. බඹරවද සහ දෙබර කූඩ කඩා ඉවත් නොකර එම සතුන් ඉවත් කළ නොහැකි බවත් සාමාන්‍ය ජනතාව තාක්ෂනික ක්‍රම භාවිතා නොකර ගින්දර භාවිතා කරමින් එම සතුන් ඉවත් කිරීමට කටයුතු කරන බැවින් එම සතුන් මැරීයාමට හැකි බවද පැවසේ.
ජනාධිපතිවරයා මෙරට පරිසර ඇමතිවරයාව සිටියදී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස වනජීවීන් විනාශකිරීම කනගාටුවට කරුණක් බවද පරිසරවේදීහු පවසති.









