ලාල් කුලරත්නගෙන් හා බිරිඳගෙන් ජනාධිපති කොමිසම ප්‍රශ්නරකයි

විමල් වීරවංස මහතා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුද වන රංගන ශිල්පී ලාල් කුලරත්න සහ ඔහුගේ බිරිඳ අද (20) බරපතල වංචා හා දූෂණ පිලිබද විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත කැදවා ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන කුලියට ගැනීමේදී සිදුව ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට ඔවුන් දෙදෙනා අද දින මෙසේ කැඳවා ඇති බව වාර්තා වේ.

විමල් වීරවංස මහතා නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරුසේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ තම දේශපාලන හිතවතුන්ට හා ඥාතීන්ට වරප්‍රසාද හා වරදාන ලබා දීම සම්බන්ධයෙනුත් ඒ සඳහා ජනතා මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙනුත් ඔහුට එරෙහිව විශාලවශයෙන් චෝදනා එල්ල වී තිබේ. 

එවැනි චෝදනාවකට අදාළව මේ වනවිට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ කොළඹ මහ නගරසභා මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාද රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

Facebook
Twitter
LinkedIn