කුමන හෝ සිදුවීමක් තම ජාතිවාදී දුෂ්ඨ වුවමණාවන් තෘත්පත කර ගැනීම සඳහා අවස්ථාවක් සොයමින් සිටින අයට යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවීම කදිම පැණි වදයක් වී ඇති බවත් ජාතිවාදය පිටුදකින සැමගේ වෙර යොදා එම දුෂ්ඨ අරමුණු පැරදවිය යුතු බවත් ජාතික භික්ෂු පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර මිනික් කියා සිටියි.
ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමියන්ගේ අත්සනින් නිකු තර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.
“ජුලි 16 දින යාපනය විශ්වවිද්‍යාලයේ නවක පිළිගැනීම් අවස්ථාවක විද්‍යාපීඨ සිසුන් අතර ඇතිවූ ගැටුම සිදු නොවිය යුතු එහෙත් සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ලෙස හෙළා දකින්නෙමු.
කුමන හෝ සිදුවීමක් තම ජාතිවාදී දුෂ්ඨ වුවමණාවන් තෘත්පත කර ගැනීම සඳහා අවස්ථාවක් සොයමින් සිටින අයට මෙය කදිම පැණි වදයක් මෙන් වී ඇත. එහෙත් ජාතිවාදය පිටුදකින සැමගේ වෙර යොදා එම දුෂ්ඨ අරමුණු පැරදවිය යුතුය.
ශ්‍රී ලාංකික, සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම මදිය නොකියන තරම් ජාතිවාදයෙන් බැටකා ඇත්තෙමු. එනිසා තවත් කුමන හෝ ජාතිවාදී සිදුවීමක් අපහට අවශ්‍ය නැත. දැන් අපට අත්‍යාවශ්‍යම දේ නම් ජාතික සමගියයි. එය සිංහල සමාජයට විතරක් නොව දෙමළ සමාජයටත් එකසේ වුවමණා බව අපගේ විශ්වාසයයි. එහිදී යාපනය විශ්වවද්යාලයට, එහි සිසුන්ට සුවිශාල කාර්භාරයක්, වගකිමක් පැවරී ඇත. එය ඉතා ගැඹුරින් ඔවුන් තේරුම් ගතයුතුය.
සමාජය තුළ සෑම ක්ෂේත්රයකම ගැටුම් පවතී. එය කුටුම්බ පවුලේ සිට ආගමික මධ්‍යස්ථාන දක්වා පැතිරී ඇත. එය සමාජ පරිහාණියේ දර්ශකයකි. මහා උත්තරීතරයැයි කියා ගන්නා පාර්ලිමේන්තුවේ ජනතා නායකයින් යැයි කියා ගන්නා අය ඇතිකරගන්නා ගැටුම් අප කොතෙකුත් දැක ඇත. එහෙත් එය ජාතිවදීව යොදා ගන්නේ නැත. එනමුත් යාපනය විශ්වවිද්‍යාල ගැටුම් අද වනවිට පරාජිත ජාතිවාදී කොටස් ෆේස් බුක් මෙහෙයුම් කරමින් සුවිශේෂ ලෙස උලුප්පා හපකරමින් ඇත. එය පැරදවිය යුතුය.
මෙම සිදුවීම් රජය ඉතා ගැඹුරින් සැලකිල්ලට ගෙන රජයේ ජාතික සමගි වැඩපිළිවෙළ පිළිබඳව නැවත සිතා බැලීය යුතුබවද අපි අවධාරණය කරන්නෙමු.“









