අගෝස්තු 01 සිට ලංකා ගමනාගමන මණ්ඩලයද සිය බස් ගාස්තු 6%කින් ඉහළ දැමීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේදී පවසා තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ දැනට පවතින පිරිවැය ඉහළයාම හේතුවෙන් මෙලෙස බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.
අශෝක අබේසිංහ මහතා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ මුල් සමයේ ප්‍රකාශ කර තිබුනේ ලංගමය සඳහා සේවක අතිරික්තයක් පවතින හෙයිනි සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීම සඳහා අවශ්‍ය ඉඩප්‍රස්තාව සකස් කර දෙන බවයි.
කෙසේ නමුත් එයට දැඩි සේවක විරෝධයක් එල්ල වූ අතර ලංගම විකුණා දැමීමේ පළමු පියවර එය බවද වෘත්තීය සමිති දැඩිව ප්‍රකාශ කළේය.
Views: 0









