පොලීසියේ තිදෙනෙක් අනතුරකින් මරුට

 

පන්නල ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරිහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව වූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, එම නිලධාරින් පැද වූ යතුරු පැදිය නවතා තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ පන්නල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකි.

ඔවුන් අධික වේගයෙන් සිය යතුරු පැදිය ධාවනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

Facebook
Twitter
LinkedIn