රාජපක්ෂ පාලනයේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ දින 14කට රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්රාත් ධම්මික හේමපාල මහතා අද (18) නියෝග කර තිබේ.
දිවිනැගුම දෙපාර්තමේන්තුව සතු මුදල් රුපියල් මිලියන 36.5ක් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයක් අතර බැසිල් රාජපක්ෂ මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙම මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීමට අනුබල ලබා දුන් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් අමිත් කිත්සිරි රණවකද බැසිල් රාජපක්ෂ සමග අගෝස්තු මස 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Views: 0









