යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (16) හටගත් ගැටුම හෙළා දකිමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රියගේ අත්සනින් යුතු මාධ්‍ය අද (17) නිකුත් කර තිබේ.
එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ යාපනය සරසවියේ මෙම සිදුවීම පදනම් කර ගනිමින් උතුරේ හා දකුණේ සරසවි සිසුන් අතර මෙන්ම පොදු ජනතාව අතරද ජාතිවාදය ඇවිලවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව මෙන්ම මේ වනවිට ක්‍රියාත්මක සිසු මර්දනයට එරෙහි අරගලය ඇතුළුව නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා කෙරෙන සිසු අරගලයට ඇති අවධානය වෙනස් කිරීමට යොදා ගත හැකි බවයි.
විශේෂයෙන්ම සියලු සිසුන් වාද භේද පසෙකලා නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා එක්විය යුුතු මොහොතක මෙවන් ගැටුම් ඇති වීම ඛේදජනක තත්වයක් බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම ගැටුම හේතුවෙන් සිසුන් හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ගැටුම හට ගෙන ඇත්තේ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සඳහා පළමු වසර සිසුන් පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයක් අතරතුරදීය.
එම සිදුවීමෙන් අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයට හා පහරකෑමට ලක්වූ සිසුන් සිටින නේවාසිකාගාරයට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව පැවසේ. සමාජවාදී ශිෂ්‍ය සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්…









