මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ඊයේ (12) පෞද්ගලික වෛද්‍යවිද්‍යාල විරෝධී මධ්‍යස්තානය විසින් විරෝධතා රැලියක් සංවිධානය කළ අතර අද (13) විශ්වවිද්‍යාල සිසුන් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුවේදී පැවැත්විණි.
මෙම විරෝධතා උද්ඝෝෂණය මේ වනවිටත් පැවත්වෙන අතර ඊට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විශාල පරිසක් එක් වී සිටිති.
“මාලඹේ සයිටම් එපා”, “අයි.ඊ.එස්.එල්. (ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය) සහ කොතලාවල ඇතුළු උපාධි කඩ එපා, පාලකයිනි මර්දනය නවතනු-මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු, අධ්‍යාපනය යනු අයිතියකි, එන්.එස්.බී.එම්. ආයතනයේ අධ්‍යාපනය විකිණීම නවතනු” යන සටන් පාඨ රැගත් පුවරු, බැනර් සහ කළු කොඩි ප‍්‍රදර්ශනය කරමින් ඔවූහු විරෝධතාවේ යෙදී සිටිති.

















Views: 0









