බස්ගාස්තු ඉහළට

අගෝස්තු පළමු වැනි දා සිට බලපැවැත්වෙන පරිදි බස්ගාස්තු 6%කින් ඉහළ දැමීමට  අද (12) රැස්වූ ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවාහන අමාත්‍යංශය පවසන්නේ විද්වත් කමිටුවක් විසින් සකස් කර ඇති සංශෝධනය අනුව අදාළ ප්‍රතිශතයක් නිකුත් කර ඇති බවය. 

රුපියල් 08ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 09ක් දක්වා රුපියලකින් ඉහළ දමා ඇති අතර බස් සංගම් ඉල්ලා සිටියේ අවස බස් ගාස්තුව අඩුම තරමේ රුපියල් 10ක මට්ටමේවත් තබා ගත යුතු බවය.

Facebook
Twitter
LinkedIn