සිසුන් නොමග යැවූ නාලන්දේ විදුහල් පති අත්අඩංගුවට

නාලන්ද විදුහලේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන සුසන්ත හේරත් මහතාට පාසලේ සිසුන් පිරිසක් ලවා සැලසුම් සහගතව පහරදීමක් සිදුකිරීම සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පති රංජිත් ජයසුන්දර මහතා බොරැල්ල පොලිසිය මඟින් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එසේම පහරකෑමට ලක්ව ඇති ගුරුවරයාගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ කටයුතු කර ඇති බවද වාර්තා වේ.

පහරකෑමට ලක්වූ ගුරුවරයාට CT ස්කෑන් එකක් කළයුතුව ඇති බවත්, එය සිදු නොකර ඔහුව රෝහලින් බැහැර කිරීමට නාලන්දවේ අධ්‍යාපනයලත් වෛද්‍යවරුන් පිරිසක් උත්සාහ දරමින් සිටින බවද මේ අතර වාර්තා වේ. 

මෙම විදුහල්පතිවරයාට විරුද්ධව අල්ලස් හෝ දුෂණ ‍කොමිසමට පැමිණිල්ලක්ද ගොනු කර ඇති අතර මෙම පහරදීමටද මුල් වී ඇත්තේ එම පැමිණිල්ල බවද වැඩිදුරටත් වාර්තා වේ.

ආශ්‍රිත පුවත්

 

ගුරුවරුන්ට පහරදෙන හැටි නාලන්දාවේ විදුහල්පති සිසුන්ට උගන්වලා

Facebook
Twitter
LinkedIn