අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිව සිටි සමයේ රටට පාඩු සිදු කරමින් මහ බැංකුවේ සිදු කළ බැදුම්කර ගනුදෙන්ව සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන කෝප් කමිටුවේ විර්ශන කඩිනම්න් අවසන් කර ඊට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ හැකිවන තත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
මහ බැංකු අධිපති ඉන්ද්‍රජීත් කුමාරස්වාම් මහතා ඇතුළු මුදල් මණ්ඩලයත් මහ බැංකුවේ සිදුවී ඇති බැඳුම්කර වංචාවට සම්බන්දයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාල මහ බැංකු නිලධාරීනුත් ඊයේ (07) කෝප් කමිටුව හමුවේ පෙනී සිටි අතර එහිදී මහ බැංකුවේ නිලධාරීන් විසින් කෝප් හමුවේ ලබා දුන් ප්‍රකාශ හා විගණකාධිපතිවරයාගේ වාර්තාව සමපාත වී ඇති බවත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව මහ බැංකුවේ බැඳුම්කර ගණුදෙන්ම සම්බන්ධයෙන් කෝප් නිර්දේශ සහිත වාර්තාව නොදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති අතර ලබන ගෝස්තු 12වෙනිදා කෝප් කමිටුව හමුවට නැවත මහ බැංකුව කැඳවා ඇත.









