ග්‍රාමීය පාසල්වල සිසු දරු දැරියන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට ලබාදෙන දිවා ආහාරයට බිත්තරයක් එකතු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි අමාත්‍ය ජොන්ස්ටන් මාධ්‍ය වෙත හෙළිකර තිබිණි. එහෙත් දිවා ආහාරය ලබාදෙන වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ග්‍රාමීය පාසල්වල විදුහල්පතිවරු පෙන්වා දෙති. රටපුරා පාසල් වල මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව පැවසීමද බොරුවක් බව ඔවුහු පෙන්වා දෙති.
මේ අතර පාසල්වල ක්‍රියාත්මක ආහාර වැඩපිළිවෙල සඳහා ආහාර සපයන සැපයුම්කරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිසි පරිදි ගෙවීම් නොකරන බවද එක් ආහාර වේලක් සඳහා අමාත්‍යාංශය කරනු ලබන උපරිම ගෙවීම රැ.23ක් බවද වාර්තා වේ. බඩු මිල ඉහළ යෑම නිසා මෙම මිලට ආහාර සැපයීම අසීරු කටයුත්තක් වී ඇති බවත් ආහාරවේලක් සඳහා අවම වශයෙන් රැ.50ක ගෙවීමක් කළ යුතු බවත් සැපයුම්කරුවන් පවසති.
එබැවින් පාසල් සිසුන්ගේ දිවාආහාරයට බිත්තරයක් එකතු කරන බවට ප1චාරය කිරීම බොරුවක් බවද ඔවුහු පවසති.









