ජනතා මුදල් වංචාකලාට විමල්ගේ ගෝලයා අදත් රිමාන්ඩ්

ජනාධිපති ලේකම්කාර්යාලයෙන් කුලී පදනම මත ලබා ගත් වාහනයක් තමන්ගේ පරිහරණය වෙත ලබා ගෙන එයට නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශයෙන්ද කුලී මුදල් ලබාගෙන සිය බිරිඳගේ බැංකු ගිණුමකට බැරකරගනිමින් ජනතා මුදල් අවභාවිතාවේ යෙදවූ බවට ජෝදනා එල්ල වී ඇති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන හත් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (04) නියෝග කර තිබේ. 

එම චෝදනාවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගියදා අදාළව ඔහු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර එම නඩුව අද යලි කැඳවූ අවස්ථාවේ මෙසේ නැවත ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Facebook
Twitter
LinkedIn