මහ බැංකු අධිලපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිගටම තබා ගැනීම වෙනුවෙන් පෙනී සිටීමේ ස්ථාවරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනස්කර නොගතහොත් ඔහුට විරුද්ධව පක්ෂය තුළ විශාල කැරැල්ලක් ඇති කිරීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ.
මේ අතර එම පක්ෂයේ තවත් ආරංචිමාර්ගයකින් හෙළිවන්නේ පක්ෂය තුළ එය විසඳාගැනීමට නොහැකිවුවහොත් පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට වුවද පසුබට නොවන බවයි. එවැනි තත්වයකදී අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ පරාය වී දේශපාලන වියවුලක් ඇතිවන ඉදිරි ප්‍රතිවිපාක නොතකා කටයුතු කිරීමට සිදු වන බවත්, එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ මතය වී තිබේ.
එවැනි තත්වයක වගකීම එක්සත් ජාතික පක්ෂය හෝ අදාළ මන්ත්‍රීවරුන්ට නොපැවරෙන බවත් අත්තනෝමතිකව කටයුතු කිරීමේ වගකීම රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම බාරගතයුතු බවද කියවේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් හෙළි වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මුල් කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මහින්ද පිලේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහ මෛත්‍රී පිලේ බොහෝ දෙනෙකු දැනටමත් මූලික එකඟතාවලට එළඹ සිටින බවය.
විශ්වාසභංග යෝජන ඉදිරිපත් කිරීමට සිදුවුව හොත් එය ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් වීම ජයග්‍රහණය කිරීම සඳහා විශාල අනුබලයක් වුවත් පක්ෂය ව්‍යවස්ථාවෙන් නායකයාට පවරා තිබෙන අසීමිත බලතල හමුවේ එය කිරීමට නොහැකි පසුබිමක් පවතින බව සාකච්ඡාවට ගෙන ඇත.
මෙම තත්වය හමුවේ යෝජනාව ගෙන එන්නේ මෛත්‍රී පිලෙන්ද එසේ නැතහොත් මහින්ද පිලෙනද යන්න වැඩිපුර විමසා බලමින් සිටින බවද කියවේ. මේ සම්බන්ධයෙන් මේ දෙපිලම යෝජනාව ඉදිරිපත් නොකර සුළු ජන කොටස් නියෝජනය කරන තුන්වන පාර්ෂවයකින් ගෙන ඒමටත් අදාළ යෝජනාවේ මුලින්ම එජාප ප්‍රබලයන් තිදෙනෙකු අත්සන් තැබීම මගින් විශ්වාසභංග යෝජනාවේ ජයග්‍රහණය තහවුරු කළ හැකි බවටත් යෝජනා වී තිබෙන බව හෙළි වේ.
මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සම්බන්ධ ප්රශ්නය ඉදිරියේදී තීරණාත්මක දේශපාලන මාතෘකාවක් වනු ඇති බවට මත පළ වී ඇත.
මෙම ප්රශ්නය තවදුරටත් කල් තබමින් සිටීමට නොහැකි තීරණාත්මක තත්වයක් මෙම සතියේ සිදුවීමට ඉඩ ඇති බවට බොහෝ දෙනෙකු අනුමාණ කර තිබේ.
ලංකා ඉරිදා සංග්‍රහය









