අකුරණ ප්‍රාදේශීය ලේකම් එම්.ඒ. මොහොමඞ් නියාස්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
ගල්මෝල් හිමිකරුවෙකුගෙන් රු.50,000ක මුදලක් ගන්නා අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගැනණු බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.
අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි එම ව්‍යාපාරිකයාගේ නිවසේදී අල්ලස් මුදල ගෙන තිබේ. ගල්මෝලේ කටයුතු සඳහා වෙඩි බෙහෙත් බලපත්‍රය දීම සඳහාත් බාධාවකින් තොරව ගල්මෝල පවත්වාගෙන යාම සඳහාත් එම අල්ලස් මුදල ඔහු ඉල්ලා තිබෙන බව අල්ලස් කොමිසම පවසයි.
Views: 0









