ෆොන්සේකා නිලලෙසම අද එජාපයට

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (30) සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී නිලවශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට තමන් ඇතුළු කණ්ඩායම තීරණය කළ බව ඊයේ (29) කැළණියේදී සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. 

එම තීරනය අනුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හැරෙනු ඇත.

Facebook
Twitter
LinkedIn