පසුගියදා කෝප් කමිටුව ලබා දුන් නියෝගයක් අනුව මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය ගැන විගණකාධිපතිවරයා විසින් සකස් කළ වාර්තාව අද (29) කතානායකවරයා වෙත ලබා දීමෙන් පසු එහි සංක්ෂිප්ත වාර්තා කෝප් කමිටුවේ සාමාජිකයින් වෙත ලබාදුන් බව කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
පිටු 1,251කින් සමන්විත එම වාර්තාවේ 2015 පෙබරවාරි සිට 2016 මැයි දක්වා බැඳුම්කර තොරතුරු ඇතුළත් බවත් සංවේදී කරුණු කිහිපයක්ම ඇතුළත්ව ඇති බවත් පැවසේ.
තවද ලබන ජුලී 5 වැනිදා කෝප් කමිටුව නැවත රැස්වීමට බලාපොරොත්තු වන බවත්, අනතුරුව ජූලි 7 වැනිදා මහබැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ද කෝප් කමිටුවට කැඳවීමට බලාපොරොත්තු වන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා යළි පත් නොකරන ලෙසට නිර්දේශකර ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.









