රබර් අත්වැසුම් නිශ්පාදනය කරන කර්මානාත ශාලාවකින් පිටව අපද්‍රව්‍යවලින් වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජල මූලාශ්‍ර අපවිත්රවීම නිසා පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ එම ප්රදේශසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ එම උද්ඝෝෂණය පාලනය කිරීමට යුද හමුදාවේ 289 දෙනකු ද, පොලිස් විශේෂ කාර්ය බළකායේ 134 දෙනකු සහ පොලිසියේ හත් දෙනකු පැමිණි බවට ඊයේ (24) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව අධිකරණය ඉදිරිපත් කළ වාර්තාවක් මගින් මෙය අනාවරණය වූ අතර එම උද්ඝෝෂණය පාලනය කිරීමට යුද හමුදාව ගෙන ආ ගිනි අවි 107ක් මේ වන තුරු යුද හමුදාව පොලිසියට බාර දී නැතැයිද එහිදී ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය හමුවේ දැක් වූ කරුණු අනුව අනාවරණය විය.
යුද හමුදා වේ 289 දෙනා අතර නිලධාරීන් 16 දෙනකු සිට ඇති බවත්, ඔවුන් හැර ඉතිරි 273 දෙනා ගිනි අවි භාවිත කර ඇති බවට තොරතුරු ඇති බවත් යුද හමුදාව එදින ගෙන ආ බව කියන ගිනි අවි 98ක් මීට පෙර රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර තිබූ නමුත් ඉතිරි පිරිස අත තිබූ ගිනි අවිද රස පරීක්ෂකට ඉදිරිපත් කිරීමට සඳහා ලබා දෙන ලෙස නියෝගයක් ලබා දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව අධිකරණයට දන්වා තිබේ.
ඒ අනුව මේවන තෙක් ඉදිරිපත් නොකළ ගිනි අවි වහාම රහස් පොලිසියට බාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය යුද හමුදාවට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට නියෝග කර ඇති.
රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට 2013 අගෝස්තු පළමු වැනිදා යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් පාසල් සිසුහු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ අතර උද්ඝොෂණය අතරතුර මිය ගිය තිදෙනාගෙන් දෙදෙනකුගේ හිසට වෙඩි වැදුණු බවට වෛද්යවර්තා අනුව තහවුරු වී ඇතැයිද අනෙක් පුද්ගලයා පහරකෑමට ලක්වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.









