චූදිත ප්‍රියත් බන්දුට රට යන්න අවසර!

විදේශගතවීම තහනමකට ලක්ව සිටින වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමරත්න මහතාට ජූලි 09 වැනි දා සිට 16 වැනි දා දක්වා සිංගප්පූරුවේ අට දින සංචාරයක නිරතවීම සඳහා අවසර ලබාදෙමින් ඔහුගේ එම ඇප කොන්දේසිය ලිහිල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අවසර ලබා දී තිබේ. 

වරාය සේවකයන් 319 දෙනකු රාජකාරියට පරිබාහිර කටයුතුවල යොදාගෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගත්තේයැයි අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම ඔහුට එරෙහිව මේ පැමිණිල්ල ගොනු කර ඇත.

Facebook
Twitter
LinkedIn