දෛනික අවදානම් දීමනාව රුපියල් 400ක් කරන ලෙස ඉල්ලා කුරුණෑගල, කහටගහපතලේ මිනිරන් සේවකයින් පිරිසක් යළිත් වර්ජනයක් ආරම්භ කර තිබේ.
පතල තුළ සිටින සේවකයින් 40ක් පමණ මෙලෙස වර්ජනයට එක්ව සිටින බව සඳහන්ය.
සෑම වසරකම ලබාදෙන අවුරුදු ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා එහි සේවකයින් පසුගිය මාර්තු මස අගදීද විරෝධතාවක නිරත වූ අතර එහිදී ඔවුන් කියා සිටියේ සෑම වසරකම ලබාදෙන රුපියල් 15,000ක ප්‍රසාද දීමනාව මෙවර නොදුන් බවය.
Views: 0









