නාමල් අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු කෙරුණු දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයක් සම්බන්ධයෙන් එහි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිර්දේශකරමින් නීතිපති සිය තීරණය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි දින කීපය තුළදී මෙම දූෂිත ටෙන්ඩරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා, ජෝයෙල් සෙල්වනායගම්, රොහාන් ඊරියගොල්ල සහ සුජානි බෝගොල්ලාගම මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවීමට නියමිතය.

මෙම ටෙන්ඩරය ඉදිරිපත් කර ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් හෙලෝ ක්‍රොප් නම් සමාගම විසින් බව දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර නීතිපතිවරයා සිය තීරණ දැනුම්දෙමින් වැදිදුරටත් සඳහන් කර ඇත්තේ සිදු කරනු ලබන ප්‍රශ්නකිරීම් අතරතුර මූළ්‍ය අපරාධ කොට්ඨාශයට අවශ්‍යනම් ‍තම අභිමතය පරිදි අදාළ අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලෙසය 

ලංකා නිවුස් වෙබ්

Facebook
Twitter
LinkedIn