රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කරණ පොලිස් කණ්ඩායම් එම මරණය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගෙන්ද ප්රශ්න කිරීමට තීරණය කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් ගෙන ඇති බවද වාර්තාවේ.
වසීම් තාජුඩීන් ඝාතනය වූ කාලයේදී එය සැක සහිත මරණයක් බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ දැනුම්දීම සම්බන්ධයෙන් ගත් පියවර මොනවාදැයි යන්නත් පියවර ගෙන නැතිනම් එය කුමන හේතුවක් මතද යන්නත් හිටපු පොලිස්පතිවරයාගෙන් ප්රශ්න කිරීමට නියමිත බවද වාර්තා වේ.
කෙසේ නමුත් හිටපු පොලිස්පතිවරයාගෙන් කරන ප්රශ්න කිරීම් අනුව හෙළිවන තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ආශ්රිත පුවත්
චෝදනාවලට ඉලංගකෝන්ගෙන් පිළිතුරු
Views: 0









