මීපුර කර්තෘට පහරදුන් මැරයන් අල්ලා කූඩුකරයි

මීපුර පුවත්පතේ හා මී පුර වෙබ් අඩවියේ කර්තෘ ෆර්ඩි ගමගේ මහතාට පහර දීමට සම්බන්ධ දෙදෙනා අද (04) මීගමු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් (නිල නොවන) කරුණාජීව ගමගේ ගුණදාස මහතා විසින් නියෝග කර තිබේ.

ඔවුන් දෙදෙනා මීගමුව නගර සභාවේ සේවයකරන්නන් දෙදෙනෙකු බවත් මීගමුව බෝලවලාන ජනජයගම පදිංචි කරුවන් දෙදෙනෙකු බවත් අනාවරණය වී ඇත. 

සැකකරුවන් සමඟ ඔවුන් ගමන් කළැයි කියන යතුරුපැදිය හා පහර දීහට යොදාගත් පොල්ලක් නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

20160604_10450720160604_10445120160604_10511220160604_135639

Facebook
Twitter
LinkedIn