ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් 31වෙනිදා අලුයම හදිසි රිය අනතුරකට මුහුණ දුන්නේය. ඒ මොහොතේ සිට විවිධ පිරිස් විජිත හේරත් මන්ත්‍රීවරයා ඉලක්ක කරගනිමින් විවිධ මඩ ප්‍රචාර එල්ල කිරීමට පටන් ගත්හ. ඒකාබද්ධ විපක්ෂයේ වීරවංශ මන්ත්‍රීවරයා විසින් මෙහෙයවන වෙබ් අඩවියක් මෙහි මූලිකත්වය ගෙන කි‍්‍රයාකළේය. ඔහුගේ වෙබ් අඩවිය මගින් දිගින් දිගටම ප්රවෘත්ති නිර්මාණය කළේ විජිත හේරත් මත්පැන් පානය කොට රිය අනතුර සිදුකළායැයි හැඟවීමටය.
මේ සිදුවීම සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය මගින් දිනය පුරාවට ප්රවෘත්ති පහකට වැඩි ප්‍රමාණයක් පළ කළේය. කෙසේ වෙතත් අධිකරණ නඩු කටයුතු සිදුවන දිනයේ අදාළ මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකයින් හතර දෙනෙකු අධිකරණ භූමියට පැමිණ සිටියේ නඩු තීන්දුව ජවිපෙට අවාසි එකක් වේ යැයි සිතා එයට විශාල ප්‍රචාරයක් ලබාදීමටය. විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් ඔවුන් හඳුනා ගැනීමෙන් එම පිරිස අපහසුතාවයකට වූහ. නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමග අවලාදකරුවන්ගේ සිහිනය බොඳවිය. ඒත් සමග ඒකාබද්ධ විපක්ෂයේ සිසිර ජයකොඩි විමල් වීරවංශගේ මඩ පාරේම ගමන් කරමින් ”විජිත හේරත් කොහොමද රජයේ වාහන පාවිච්චි කරන්නේ? ඔහු රියදුරු නැතිව තනිවම ගමන් යන එක සැකයි” ආදි වශයෙන් මාධ්‍යයට අලූත් බොරුවක් ඉදිරිපත් කළේය. මේ ගැන මාධ්‍යවේදියෙක් විජිතට කතා කොට විමසුවේ “මන්ත්‍රීතුමා මොකක්ද මේ අලූත් කතාව” කියාය.
“දැන් මේ ඒකාබද්ධ විපක්ෂයේ කියන අයට කරන්න දෙයක් නැහැ. අපිට ගහන්න මඩ හොයනවා. දිනේෂ්ගේ ගෝලයාත් දැන් විමල්ගේ පාරේම යනවා. දවසක් දෙකක් ජීවත් වෙන්න ක්‍රමයක් හොයනවා. විමල්ට වඩා ජෝකර් වෙන්න ගම්මන්පිල හදනවා. ගම්මන්පිලට වඩා ජෝකර් වෙන්න සිසිර ජයකොඩි උත්සහ කරනවා. ඊට වැඩි දෙයක් නැහැ.”
විජිත හේරත් කීවේය. මේ අතර වෛද්‍ය වාර්තාවේ මත්පැන් ගඳ හමනවා යැයි වෛද්‍යවරයා විසින් සටහනක් යෙදීමෙන් විජිත හේරත් මන්ත්‍රීවරයාට අපහාසයක් සිදුවීම සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන්ද මේ වනවිට නීතිඥයින් විසින් අවධානය යොමු කර තිබේ.









