ඊයේ (02) සිට ඇසුරුම් කරන ලද සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50 මිටියක මිල රුපියල් 60කින් ඉහළ යන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මිල ඉහළ දමන ලෙස ඒ අනුව ටෝකියෝ, හොල්සිම්, අල්ට්‍රාටෙක්, සිංහ, හා ලෆාප් යන සිමෙන්ති සමාගම්වල ඉල්ලීම් සළකා බලමින් එම සමාගම්වල සිමෙන්ති මිල ජුනි 01 සිට රුපියල් 60කින් වන පරිදි ඉහළ දැමීමට කටයුතු කළ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසී ය.
ඒ අනුව මතෙක් රුපියල් 870ට පැවැති සිමෙන්ති මිටියක නව මිල රුපියල් 930ක් වේ.
වැට් බද්ධ වැඩිවීම සහ වරාය හා ගුවන්සේවා බද්දේ වැඩිවීම ආදියත් විනියම අනුපාතවල සිදු වූ වෙනස්කම් ආදිය නිසාත් මෙලෙස සිමෙන්ති මිල ඉහළ දැමීමට සිදු වූ බව සභාපතිවරයා වැඩිදුරටත් කියයි.
Views: 0









