නීතිවිරෝධී ලෙස මුදලට වෛද්‍ය උපාධිය පිරිනැමීමට කටයුතු කරමින් සිටින මාළඹේ SAITM ආයතනය අහෝසි කරන ලෙස රජයට බලකරමින් වෛද්‍ය පීඨ සිසු සිසුවියන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අසලින් ආරම්භ කර ඇති විරෝධතා පාගමන මේ වනවිට කොළඹ කොටුව දෙසට ලඟා වී ඇති බව වාර්තා වේ.
“මාළඹේ SAITM හොර උපාධිකඩය අහෝසි කරනු!” යනුවෙන් පාලකයින්ට බලකරමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරෝධය දක්වමින් වෛද්‍ය සිසුන් ගෙනයන අඛන්ඩ සත්‍යග්‍රහයට දින 100ක් වන අතර මෙතෙක් පාලකයින් නිහඬ පිළිවෙතක් අනුගමණය කරමින් සිටී.
වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම පාගමණ සංවිධානය කර තිබේ. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයද එක්වි තිබේ.






6









