ඉතාලියේදී රිය අනතුරකින් ලාංකිකයෙකු මරුට

ඉතාලියේදී ශ්‍රී ලාංකික තරුණයෙකු හදිසි අනතුරකට ගොදුරැවී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

ඉතාලි රාජ්‍යයේ ත්‍රෙන්තෝ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකාර උපාධිය හදාරමින් සිටි මෙම තරුණයා ඉතාලියේ තොරවෙල්ලි මාර්ගයේදී පසුගිය 28 දා යතුරුපැදි අනතුරකින් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

යතුරුපැදි අනතුරකින් මියගිය අංක 33/3, ක්‍රිස්තුරාජ මාවත, හැඳල, වත්තල නිවසේ පදිංචිව සිටි නිශාන් මලින්ද පෙරේරා 25ස් වියැති තරුණයෙකි.

පසුගිය 07 වනදා මෘත දේහය ගුවන් මගීන් ගෙන ඒමෙන් පසු ඊයේ (08) සවස හැඳල, වත්තල නිවසට භාරදී ඇත.

අවසාන භූමිදාන කටයුතු අද (09) හැඳල නායකකන්ද පොදු සුසාන භූමියේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

Facebook
Twitter
LinkedIn