ඉන්දියාවට සාම්පූර් දොලපිදේනි

සාම්පූර් ගල් අඟුරු බලාගාරය වාණිජමය කටයුතු ආරම්භකිරී‍මත් සමග අවුරුදු 25ක් සඳහා විශේෂ වරප්‍රසාද රාෂියක් සමගින් ඉන්දියාවට ලබාදීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ 8වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළේය.

එකතුකළ අගය මත බද්ද ජාතිය ගොඩනැගීමේ බද්ද නිශ්පාදන බද්ද රේගු බද්ද ඇතුළු සියළු බදුවලින් මෙම බලාගාරය නිදහස් කර ඇත. එමෙන්ම ව්‍යාපෘතියේ සේවය කරන ඉන්දියානුවන් 8 දෙනෙකුගේ ආදායම් බදු වසර 5කට නිදහස් කර ඇත. මේ ආදී විශේෂ වරප්‍රසාද රාෂියක් හා සාම්පූර් බලාගායේ ඉන්දියාවේ සීමා සහිත ජාතික තාපබලාගර සංස්ථාව නම් ආයතනයට ලබාදී ඇත.

ඉන්දියානු රජයේ ණය ආධාර මත ත්‍රීකුණාමලය සාම්පූ ප්‍රදේශයේ මෙම තාපබලාගාරය පිහිටුවා තිබේ.

පසුගිය සිංහල අවුරුද්ද අවසන්වූ විගස ලංකාවේ සංචාරයක නිරතවූ ඉන්දීය පාර්ලිමේන්තු‍වේ නියෝජිත කණ්ඩායම උතුරේ අවතැන් කඳවුරුවලට අමතරව සාම්පූර් බලාගාරය ඇතුළු නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ඉන්දියානු ව්‍යාපෘති පිළිබඳවද සොයාබැලීමේ චාරිකාව නියැලිණි.

Facebook
Twitter
LinkedIn