LLRC ක්‍රියාකාරී සැලැස්ම ලඟදීම එලියට – මානව හිමිකම් ප්‍රවර්ධන සැලසුමත් සැකසේ

උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව පිළිබඳ ක‍්‍රියාකාරී සැලැස්මක් ඉදිරි දෙසතිය තුළ එළිදැක්වීමට ක්‍රියාකරනු ඇතැයි වාර්තාවේ.

මේ වන විටත් ලහි ලහියේ LLRC වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාකාරී සැලැස්ම සකසමින් පවතින බවත් මෙම මස 15,16,හෝ 17 පමණ වන විට බොහෝ දුරට මෙය එලි දැක්වීමට අපේක්ෂා කරන බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ මුලිකත්වයෙන් සකස් කෙරෙන මෙම ක‍්‍රියාකාරී සැලැස්මට ආරක්‍ෂක හා අධිකරණ අමාත්‍යංශවල මෙන්ම නිතිපති දෙපාර්තමේන්තුවේ සහයද ලැබී ඇතැයි වැඩිදුරටත් සඳහන්ය.

මීට අමතරව එළැඹෙන සිව් වසර සඳහා රජය සතු මානව හිමිකම් ප‍්‍රවර්ධන සැලසුම් පිළිබද විශ්ව කාලාන්තර වාර්තාවද මේ වන විට සැකසෙමින් පවතින බවත් එය ජුනි මස 22 වැනිදාට පෙර ජගත් මානව හිමිකම් කොමිසම වෙත යැවීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපේක්ෂාකරනබවත් වාර්තාවේ.

මෙම වාර්තා සකස් කිරිමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්‍ෂ නායකයන් සියළුදෙනාගේම අදහස් විමසා ඇත.

Facebook
Twitter
LinkedIn