සිමෙන්ති මිල ඉහළ නැංවීමෙන් ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය අර්බුදයකට

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක වන පරිදි සිමෙන්ති කිලොග‍්‍රෑම් 50 බෑගයක් රුපියල් 70කින් මිල ඉහළ නැංවීමෙන් ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය දැවැන්ත අර්බුදයකට ලක් වන බව ඉංජිනේරු හා ඉදිකිරීම් උපදේශක ආචාර්ය ආනන්ද රණසිංහ මහතා පවසා සිටී.

මාධ්‍ය විසින් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ කොන්ත‍්‍රාත්කරුවන් මෙන්ම ආයෝජකයන්ද අපහසුතාවයට ලක් වන බවයි.

සමහර කොන්ත‍්‍රාත් සඳහා ගිවිසුම් අත්සන් තැබෙන්නේ නියමිත මිලකට බවත් මෙලෙස  මිල ඉහළ නැංවීමෙන් කොන්ත‍්‍රාත් අත්සන් කළ මිලට ඉදිකිරීම් අවසන්  කිරීමට නොහැකි වන බවත් බැංකු ණය මත ඉදිකිරීම් සිදුකරන්නන්ද අපහසුතාවට පත් වන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර ඇස්බැස්ටොස් සෙවිලි තහඩු, කොන්කී‍්‍රට් උළුවහු, ජනෙල් සහ මල්පෝච්චි වැනි සිමෙන්ති යොදා ගන්නා නිමි භාණ්ඩවල මිල ගණන්ද ඉහළ යනු ඇතැයි එම නිශ්පාද‍කයෝ පවසති.

Facebook
Twitter
LinkedIn