
මෙවර වෙසක් උත්සවය වෙනුවෙනුවේන් කොළඹ නගරය තුළ පමණක් දර්ශනීය තොරණ 15 කට අධික ප්‍රමාණයක් ඉදිකර තිබේ. මෙම තොරණ අතරින් පෑලියගොඩ නවලෝක තොරණ, තොටලඟ තොරණ, ගංගාරාම තොරණ, පිටකොටුව මැනිං වෙළෙඳපොළ තොරණ, දෙමටගොඩ තොරණ, කොස්ගස්හන්දිය, බොරැල්ල මැගසින් බන්ධනාගාර තොරණ ප්‍රධාන තැනක් ගනී.
ඒ ඒසේම වෙසක් කලාප රැසක්ද දන්සල් සහ ශීල භාවනා වැඩසටහන් රැසක්ද කොළඹ නගර සීමාවේදී ක්‍රියාත්මකයි. කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සියල්ල ඊයේ (04) සවස වන විටත් දර්ශනීය විදුලි බුබුළු වලින් සහ බෞද්ධ කොඩි වලින් අලංකාර කර තිබිණි.
වෙසක් සමය තුළ කොළඹ නගරයට පැමිණෙන ජනතාවගේ පිපාසාවන් සන්සිඳුවීම සඳහා දන්සැල් විශාල ප්‍රමාණයක්ද ඇතැයි වාර්තාවේ.
එයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂ වැඩපිළිවෙළක් ද පොලිසිය විසින් සකස් කර ඇත.
වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ තොරණ පහක් ඉදිකර ඇත. මෙම තොරණ වල ඇති විශේෂත්වය වන්නේ පරිගණක තොරණ චලන චිත්රවලින් යුක්ත වීමයි.









