කිරිපිට මිල ඉහළට

වහාම ක්‍රියාත්මකවන පරිදි ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටිවලට අයකරන බදු 15% කින් වැඩිකර ඇත.

මේ අනුව ආනයනික කිරිපිටි කිලෝවක්‌ සඳහා රුපියල්92කින් පමණ මිල ඉහළ යනු ඇතැයි අනාවරණය වේ. නමුත් ආනයනික ළදරු කිරිපිටි සඳහා බදු වැඩිකර නැත.

මේ අතර කිරි පිටි ආණයනය කරන සමාගම් දැනට මසකට පමණ පෙර සිට පාරිභෝගික අධිකාරියෙන් මිල වැඩි කිරීමට අවසර ඉල්ලා ඇත. දිනෙන් දින රුපියල කඩාවැටීමත් සමග ආනයනික සියලු භාණ්ඩවල මිල ගණන් ඉහළයාම සාමාන්‍යයෙන් සිදුවේ.

Facebook
Twitter
LinkedIn