රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක තවත් මාස 6කින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇත. ඒ අනුව 2016 වසරේ ජනවාරි මාසය දක්වා අදාළ සම්බාධක කි‍්‍රයාත්මක කිරීමට යුරෝපා සංගමයට අයත් රටවල් 28ක් තීරණය කර තිබේ. අදාළ රටවල තානාපතිවරුන් බ්‍රසල්ස් හිදී ගත් මෙම තීරණය ලබන සතියේදී විදේශ අමාත්‍යවරු ද රැස්වී තවදුරටත් විශ්ලේෂණය කිරීමට නියමිතය.
රුසියාව සහ යුක්රේන අර්බුදය මුල් කර ගනිමින් මෙම සම්බාධක පැනවීම සිදුකර ඇති අතර පසුගිය වසරේ ජුලි මාසයේ නැගෙනහිර යුක්රේනයේදී කැරලිකරුවන් මැලේසියානු ගුවන් යානයකට පහර දී බිම හෙලීමත් සමග සම්බාධක පැනවීමට තීරණය විය. ඒ අනුව බැංකු , ඉන්ධන සහ ආරක්ෂක අංශවලට අදාළව රුසියාවට ආර්ථික සම්බාධක පැනවී ඇත.
Views: 0









