ඉන්ෆ්ලූවන්සා අවධානම්. 40ක් මරුට

දිවයින පුරා මේ වන විට පැතිර යමින් පවතින AH1N1 වෛරසය නිසා මිය ගිය රෝගීන් 40ක් පමණ වී ඇත. මේ අතරින් 10 දෙනෙකු ගර්භනී මවුවරුන් වේ. මේ රෝගය තවදුරටත් දිවයින පුරා පැතිරී යමින් පවතින නිසා වඩාත් ආරක්ෂාකාරී විය යුතු බව මේ හේතුවෙන් ගැබණි මවුවරුන්ට ශ්වසන ආබාධ ඇතියීමේ අවධානම ඉතා ඉහළ බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප‍්‍රකාශ කොට තිබේ.

උණ, හිසරදය, ඇ`ගපත වේදනාව, උගුරේ අමාරුව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම් තිබේ නම් පාචනය හා වමනය නොතිබුණද අනුමත වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතුය. ළදරුවන්ට, ගර්භණි කාන්තාවන්ට, හා වයස්ගත වූවන්ට මෙම රෝගය ඉතාමත් අවධානම් ය.

මෙම රෝගීන් සෙනග ගැවසෙන ස්ථාන වලින් හැකිතාක් ඈත් වීමත්,  කිවිසීමකදී, කැස්සකදී  ටීෂූ භාවිතා කිරීම  හා එම ටීෂූ ආරක්ෂාකාරී ලෙෂ ඉවතලෑම හා, වැලමිටෙන් ආවරණයකරගැනීම ද නිතර දෑත් සබන් ගා සෝදා පිරිසිදුව තබා ගැනීම ද වැදගත් වෙයි.

 

Facebook
Twitter
LinkedIn