මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නිලධාරීන් අද (01) දිනයේ මහ බැංකුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
අද දිනයේ මහ බැංකුවේ සිදු වන බැඳුම්කර වෙන්දේසියක් නිරීක්ෂණය කිරීමට මෙලෙස කොමිසමේ නිලධාරීන් පැමිණ ඇත්තේ බැඳුම්කර වෙන්දේසිය සිදුවන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හා එය නිරීක්ෂණය කිරීමට බව පැවසේ.
අද දිනයේ මහ බැංකුව රුපියල් මිලියන 24,000ක බැඳුම්කර වෙන්දේසියක් සිදු කිරීමට නියමිත බව පැවසෙන අතර කොමිසමේ සාමාජිකයින් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න එස්. ජයවර්ධන හා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේළුපිල්ලේ යන පිරිසද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් පිරිසක් හා බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ පිරිසක් ද පැමිණෙන බව වාර්තා වේ.
Views: 0









