විදේශගතව සැඟව සිටි තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මනෝජ් මුතුකුමාරණ ප්‍රියදර්ශන නොහොත් `කයිවාරු මුතු’ නැමති මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
එම අවස්ථාවේ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.
කඩුවෙල, කොරතොට උතුර ප්‍රදේශයේ පදිංචි, 30 හැවිරිදි මොහු ප්‍රදේශයේ මිනීමැරීම් ගන්නාවකට සහ තවත් අපරාධ ගනනාවක විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි අයෙකි.
මොහු ඉකුත් 2020 වසරේ නොවැම්බර් 04 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබී ඇති අතර ඉන්පසුව එරට වැසියකු සමග ගැටුමක් ඇති කර ගෙන ඇත. ඒ අනුව එරට අධිකරණය මගින් ඔහු වැරදිකරු වී, බන්ධනාගාර ගත කර සිට තිබේ.
ඉන් පසු ඔහු එරට බන්ධනාගාරයෙන් නිදහස් වී ඇති අතර අද අලුයම 01.50ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් මෙරටට පිටුවහල් කර එවා ඇත.










