චාමර සම්පත් සහ පුද්ගලික ලේකම් යළි රක්ෂිත බන්ධනාගාරයට

චාමර සම්පත් සහ පුද්ගලික ලේකම් යළි රක්ෂිත බන්ධනාගාරයට

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ,  අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්