රාජපක්ෂ නිකාය කඩු වනයි…

රාජපක්ෂ නිකාය කඩු වනයි…

තමන් රාජපක්ෂ නිකායේ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන භික්ෂූන් පිරිසට අයත් වන බලංගොඩ කස්සප නැමති භික්ෂුව ඔහුගේ මුහුණුපොතේ මහා සංඝරත්නයට තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරිමට පටන් ගෙන තිබේ.

ඊයේ (05) අරලියගහ මන්දිරයේදී පවත්වන ලද “රටම එකට” සර්ව ආගමික සමුළුවට සහභාගීවන භික්ෂූන් වහන්සේලාට ප්‍රබල තර්ජන එල්ල කිරීමට තරම් සිහිවිකල් තත්වයට එම භික්ෂුව පත්ව සිටී. ඔහු මුහුණුපොතේ සඳහන් කර ඇරත්තේ “අද දින අරලියගහ මන්දිරයට වඩින දේශද්‍රෝහී භික්ෂූන්වහන්සේලා ගැන අපි දැඩි අවධානයෙන් ඉන්නේ” යනුවෙනි. එයින් නොනැවතී අනාගතයේදී එම භික්ෂූන් වහන්සේලා උපවැදි කරන බවටද තර්ජනය කර ඇත.

මහනුවර සිට පැමිණි පාගමන අසාර්ථක වීමෙන් පසුව විහාරමහාදේවී උද්‍යානයේදී වස් කවි කියූ මෙම පිරිස ඉන් පසුව තර්ජනය කිරිම දක්වා පසු බැසීමෙන් ඔවුන් පත්ව සිටින ඛේධනීය තත්වය තහවුරු කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්