රාජපක්ෂලාගේ ගෝල මනම්පේරිලා සිදු කළ විනාශය හෙළිවේ

රාජපක්ෂලාගේ ගෝල මනම්පේරිලා සිදු කළ විනාශය හෙළිවේ

රාජපක්ෂ පාලනයේ ඍජු රැකවරණය යටතේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ වේගයෙන් ව්‍යාප්ත කිරීමේ ගොදුරු බවට වයස අවුරුදු 18ට අඩු තරුණයින් විශාල පිරිසක් පත්වී ඇති බව අනාවරණය වී තිබේ.

රටම එකට ජාතික මෙහෙයුමේ වසරක ප්‍රගතිය සමාලෝචනය කරමින් ඊයේ (05) පවත්වන ලද සර්ව ආගමික නියෝජිත සමුළුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වැදගත් දත්ත රැසක් හෙළි කරනු ලැබීය. අයිස් මත්ද්‍රව්‍යයට ගොදුරු වී 2022 වසරේදී අත්තඩංගුවට ගත් පිරිස අතර අවුරුදු 18ට අඩු එක් තරුණයෙකු සිටි බවත්, 2025 වනවිට 1,784ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දුන්නේය. එසේම, අවුරුදු 14 – 18 අතර දරුවන් 1,068ක් සිටින අතර, අවුරුදු 5ත් 14ත් අතර දරුවන් 13 දෙනෙකු සිටින බවට හෙළි කරමින් මෙම ඛේදවාචකයෙන් අනාගත පරපුර මුදවා ගැනීමේ සටන ජයග්‍රහණයෙන් අවසන් කිරීම සඳහා සියළු දෙනාම එක්වන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වූ සම්පත් මනම්පේරි ඇතුළු පිරිසක් මෙරටදී ම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

ජනාධිපතිවරයා මෙම සමුළුවේ දී කළ කතාව පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්