අපේ ගුවන් හමුදාවට හදිසියේ නියමුවන් රහිත යානා මිලදී ගනී

අපේ ගුවන් හමුදාවට හදිසියේ නියමුවන් රහිත යානා මිලදී ගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආවේක්ෂණ කටයුතු සඳහා නියමුවන් රහිත ගුවන් යානා හදිසියේ ම මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ.

මේ වෙනුවෙන් ඩොලර් මිලියන 9.5ක් පමණ වැය වන අතර, අදාළ මුදල් සපයා ගැනීම සඳහා ඊයේ (05) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා විශේෂයෙන් ම මුහුදු කලාපය ආවේක්ෂණය කිරීම සඳහා මෙම යානා හදිසියේ මිල දී ගැනීමට සිදු වී ඇති බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්