ෆවුසිට දුන් අධිකරණ නියෝගය…

ෆවුසිට දුන් අධිකරණ නියෝගය…

මාර්ගස්ථ සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් අයථා ලෙස භාවිත කරමින් හිටපු ඇමති ඒ.එච්.එම් ෆවුසි මහජන මුදල් අවභාවිත කර ඇති බවටත්, එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවටත් තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, රුපියල් ලක්ෂ 66කට අධික මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙසත්, පුවත්පත් තනි පිටුවක දැන්වීමක් පළ කරමින් ජනතාවගෙන් සමාව ගන්නා ලෙසත් අද (29) නියෝග කළේය.

​අදාළ නියෝගයට අනුව රුපියල් 6,664,334.93ක මුදලෙන් රුපියල් 1,664,334.93ක මුදලක් මාසයක් ඇතුළත ද, ඉතිරි රුපියල් ලක්ෂ 50ක මුදල මාස දෙකක් ඇතුළත ද ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු වේ.

​මීට අමතරව, අදාළ අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක්ද සහිතව ජනතාවගෙන් සමාව අයදින පිටු භාගයක දැන්වීමක් ‘සිළුමිණ’, ‘සන්ඩේ ඔබ්සර්වර්’ සහ ‘තිනකරන්’ යන පුවත්පත්වල මුල් පිටුවල මාසයක් ඇතුළත පළ කරන ලෙස ද අධිකරණය හිටපු ඇමති ඒ.එච්.එම් ෆවුස්ට වැඩිදුරටත් නියෝග කර ඇත.

​ඇමති ධුර දැරූ කාල සීමාව තුළ රජයේ දේපොළ සහ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පූර්වාදර්ශී තීන්දුව ලබාදී තිබේ.

Facebook
Twitter
LinkedIn