ත්‍රිකුණාමලයේ ජූස් බාර් කල්ලිය මූල්‍ය අපරාධ වසන් කිරීමේ කූට ව්‍යාපාරයකට නායකත්වය ලබා දීමට ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
නීති විරෝධී මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව ජූස් බාර් කල්ලිය ආගමික මුහුණුවරකින් යුතුව මැදිහත්වීමට ඉදිරිපත් වී ඇත. බලංගොඩ කස්සප නම් භික්ෂුවක් ඇතුළු පිරිසක් මෙහි මූලිකයන් වී සිටිති.
රජයේ මුදල් කොල්ල කා රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරදිකරුවන් කළ පිරිස වෙනුවෙන් මෙතෙක් කල් පෙනී සිටි ජූස් බාර් කල්ලිය දැන් වෙනත් මූල්‍ය අපරාධකරුවන් වෙනුවෙන් මැදිහත් වෙමින් සිටිති. ඍජුව ම මහජන මුදල් තැන්පතු ලෙසින් බාර ගන්නා කූට ව්‍යාපාර “සිංහල බෞද්ධ” ලේබලයට යටත් කරමින් වෙනත් ආකාරයේ අන්තවාදී ප්‍රචාරයන් සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව තහවුරු වේ.
Views: 0










