අධිකරණ සංවිධාන සංශෝධිත පනත් කෙටුම්පතත් විශේෂ බහුතරයෙන් සම්මතයි

අධිකරණ සංවිධාන සංශෝධිත පනත් කෙටුම්පතත් විශේෂ බහුතරයෙන් සම්මතයි

අද (25) පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අධිකරණ සංවිධාන සංශෝධිත පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයකින් සම්මත වී තිබේ.

ඒ අනුව අධිකරණ සංවිධාන සංශෝධිත පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක්ද විරුද්ධව ඡන්ද 63ක්ද ලැබී තිබිණි.

ඒ අනුව මෙම සංශෝධනයට වැඩි ඡන්ද 95ක් ලැබී ඇති අතර විශේෂ බහුතරයකට අවශය ඡන්ද 150 ඉක්වමා ඡන්ද ලබා ගෙන තිබිණි.

මෙම සංශෝධනය මගින් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට ලක්වෙන අතර එමගින් සියලුම විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 62 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත.

එසේම මහාධිකරණ විනිසුරුවරුන්ගේ ධුර සංඛ්‍යාව 110 සිට 120ක් දක්වා ඉහළ දැමීමටද එමඟින් යෝජනා කර තිබේ.

Facebook
Twitter
LinkedIn