ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන 22 වන සංශෝධනය විශේෂ බහුතර ඡන්දයකින් සම්මත වී තිබේ.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන 22 වන සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක්ද විරුද්ධව ඡන්ද 63ක්ද ලැබී තිබිණි.
ඒ අනුව මෙම සංශෝධනයට වැඩි ඡන්ද 95ක් ලැබී ඇති අතර විශේෂ බහුතරයකට අවශය ඡන්ද 150 ඉක්වමා ඡන්ද ලබා ගෙන තිබිණි.
මේ සඳහා ගෙන එනු ලැබූ සංශෝධන සඳහාත් ඉන් පසු තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදීත් ඡන්දය ලැබී තිබුණේ උක්ත ආකාරයටමය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ දැමෙනු ඇත.
එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු ධුර සංඛ්‍යාව 19ක සිට 24ක් දක්වා ඉහළ යනු ඇත.
Views: 0










