දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම් ලබන ඔක්තෝබර් 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, ඔහු අද (25) යළි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව, තෝරාගත් සමාගම් තුනක් සඳහා පමණක් ෆොස්ෆේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීමට මෙම සැකකරු ක්‍රියා කර ඇති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබේ.
අදාළ සමාගම් වෙත ෆොස්ෆේට් අපනයනයට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම සහ ආධාර අනුබල දීම තුළින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගෙන සැකකරුගේ බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර ඇත.
මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.










