ජනාධිපති අනුරගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන මේකද?

ජනාධිපති අනුරගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන මේකද?

සමගි ජන බලවේගය ඇතුළු පිරිසක් පවත්වන ලද විරෝධතාවට ඉඩ දීම සඳහා පොලිස් මාර්ග බාධක ඉවත් කර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය විවෘත කිරීමත් සමඟ සංවිධායකයින් කර කියා ගත නොහැකි තත්වයකට පත් විය.

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා මෙවැනි විරෝධතාවල දී පොලිස් මාර්ග බාධක පනවයි. ඊයේ (24) පැවැත්වූ විරෝධතාවයේදී ද එම මාර්ග බාධකය යොදා තිබිණි. එහෙත්, විරෝධතාකරුවන් ඒ අසලට පැමිණීමත් සමඟ මාර්ග බාධකය ඉවත් කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ ආධාරකරුවන් පාර්ලිමේන්තුව දෙසට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව ලැබුණු අතර, මුජිබර් රහුමාන්, අජිත් පී පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඔවුන් නැවැත්වීමට දැඩි ප්‍රයත්නයක් දරනු දැකිය හැකි විය. ඔවුන්ගේ විරෝධතාව මුළුමනින් ම අසාර්ථක වූ ආකාරය එයට සහභාගී වූ පිරිසගේ ප්‍රකාශ ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn