වසර දෙකක් කියන්නේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ නැවුම් ආරම්භයක් බවත් ඡන්දයකින් ආණ්ඩු වෙනස් කිරීම සහ ක්‍රමය වෙනස් කිරිම යනු කාරණා දෙකක් බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ නිලන්ති කොට්ටහච්චි අවධාරණය කරයි.
ඇය මේ බව අවධාරණය කළේ “ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් පසුගිය 06 වනදා බුලත්සිංහලදී පැවති ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ නිලන්ති කොට්ටහච්චි,
“අද බේරුවල වෙරළ කී‍්‍රඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගොස් තිබෙන්නේ රටට සුබ නිසයි. අදූරදර්ශී දේශපාලන තීන්දු තීරණ නිසා වැට්ටූ රටක් ගොඩනැගීමයි අපි බාර ගත්තේ. පෝලිම්වල මිනිසුන් මිය යමින් සිටියදී, රෝහල්වලට යන රෝගීන්ගේ ජීවිත අහිමි කරන තැනකින් අපි පටන් ගත්තේ. සුවපහසු කාමරවල ඉඳලා මේ රට ගොඩනඟන්න බැරි බව හොඳින්ම දැනගෙනයි අපි පාලන බලය බාර ගත්තේ. ගෙවී ගිය වසර දෙක තුළ රටක් වෙනස් කරන්නේ කොහොමද කියලා අපි ඔප්පු කළා. ආණ්ඩු මාරුවක් හෝ, හිස් වූ පුටුවලට පුද්ගලයන් පත්කිරීමෙන් පමණක් රට ගොඩනඟන්න බැරි බව මේ රටේ ජනතාව වසර 76ක අත්දැකීම්වලින් තේරුම් ගෙන අපට බලය බාර දුන්නා. රජයේ මුදල් භාවිතය බොහොම පරිස්සමෙන් සිදුකරන පාලනයක් මේ වසර දෙක තුළ ගොඩනඟා තිබෙනවා. මත්ද්‍රව්‍ය, අපරාධවලින් තොර සමාජයක් ගොඩනඟන්න කතිරය ගැහුවේ ඔබ. දේශපාලන නායකයන්ගේ බලය යටතේ අනීතික කි‍්‍රයා සිදුකළ සියල්ලන්ටම තරාතිරම නොබලා දැන් නීතිය කි‍්‍රයාත්මක වෙනවා. අපේ අනුර සහෝදරයා කීවේ “නීතිය කි‍්‍රයාත්මක කරන කොට, කෙඳිරිගාන්න එපා.” කියලයි. දැන් හුඟක් තැන්වලින් කෙඳිරිලි හඬ ඇහෙනවා.
කුමන බාධක ආවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් අදාළ සියලු වෙනස්කම් ඉදිරියටත් කරගෙන යනවා. ඡන්දයකින් ආණ්ඩු වෙනස් කරනවා කියන එක සහ ක්‍රමය වෙනස් කරනවා කියන්නේ එකක් නොවෙයි, දෙකක්. එක දවසකින් ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන්. හැබැයි ක්‍රමයක් වෙනස් කරන එක ඊට වඩා සංකීර්ණ සහ විශාල කාර්යභාරයක්. ඒ වෙනුවෙන් දැනට තිබෙන නීති වෙනස් කරන්න අවශ්‍යයි. රාජ්‍ය සේවය වෙනස් කරන්න අවශ්‍යයි. වගවීම සහ විනිවිදභාවය ඇති කරන්න අවශ්‍යයි. මේ සියල්ල අතරේ තමන්ගේ රජය තමන් වෙනුවෙන් වෙහෙසවී කැපවී වැඩකරනවා කියන දේ දැනෙන්නත් අවශ්‍යයි. දැන් මිනිසුන්ට ඒ දේ දැනෙමින් තිබෙනවා. පාර්ලිමේන්තුවේ සිට පළාත් පාලන ආයතන දක්වා පද්ධතිය ඒ වෙනුවෙන් කැපවී කි‍්‍රයාකරනවා. අද ඇත්තටම අපට ඕනෑ බලවත් නායකයන් නොවෙයි, බලවත් ආයතන. ඉතිහාසයේ දේශපාලන පක්ෂවලින් බලවත් නායකයන් පත් කළා. නමුත් ක්‍රමය වෙනස් කරන්න නම් ආයතන බලවත් කරන්න ඕනෑ. ආණ්ඩු වෙනස් වුණත් ක්‍රමය නිසි ලෙස පවතින්න නම්, ආයතන බලවත් කරන්න ඕනෑ. මේ රටේ ජීවත් වන කාන්තාවන්, දරුවන්, ආබාධිත ප්‍රජාව ඇතුළු සියලු පුරවැසියන් වෙනුවෙන් ශක්තිමත් ආයතන මෙහෙයවන නීති පද්ධතියක් අවශ්‍යයි. මේ රටේ නීතිය ඇති කෙනාට එක විදිහකටත්, නැති කෙනාට එක විදිහකටත් නැවෙන ඉතිහාසය දැන් අවසන්.
නීතියේ ආධිපත්‍යය සහිත රටක් ගොඩනැගීම තුළින් ජනතා විශ්වාසය, ප්රජාතන්ත්රවාදය සහ රටේ පුරවැසියන් ශක්තිමත් වෙනවා. මෙතනට පැමිණ සිටින දහස් සංඛ්‍යාත පිරිස අතරින් විශාල වශයෙන් මට පෙනෙන්නේ සහෝදරියන්ගේ මුහුණු. දේශපාලනිකව ශක්තිමත් ගැහැණුන් බිහි කරන්න මැතිවරණයට පෙරදී “ගැහැනු අපි එක මිටට” සංවිධාන බිහි කරමින් ගැහැණුන් තුළ විශාල ගුණාත්මක වෙනස්කම් ප්‍රමාණයක් සිදු කළා. කාන්තාවන් කියන්නේ මේ සමාජයේ එක කණ්ඩායමක් විතරක් නොවෙයි. අම්මා කෙනෙක් කියන්නේ සමාජයක්, රටක්, පරම්පරාවක්, අනාගතයක් ගොඩනඟන කෙනෙක්. ඒ ගැහැනුන්ට කොන්ද කෙලින් තියාගෙන සමාජය ඉදිරියේ තම දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව ඇති ගැහැනුන් මැතිවරණයට පෙරත්, මැතිවරණයට පසුවත් මේ ආකාරයට පෙළ ගැසී සිටිනවා. වසර දෙකක් කියන්නේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ නැවුම් ආරම්භයක් විතරයි. යළි කිසිදා නොහැරෙන, අකාරයට අපේ රට ගොඩනඟන්න සියලු දෙනාම ඒකරාශී වෙමින් ඉදිරියට යමු. ජනතාවට ජයවේවා !!!”

























