මාලිමාවේ ගොවි රැලියට ජන ගඟක්…

මාලිමාවේ ගොවි රැලියට ජන ගඟක්…

ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ පොළොන්නරුවේදී පැවති ජාතික ජන බලවේගයේ ගොවිජන රැලියට අති විශාල ජන සහභාගිත්යක් පවතින බව වාර්තා වේ.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ගොවි රැලියට එහි නායක ජනාධිපති අනුර දිසානායක, පොළොන්නරුව දිස්ත්‍රික් නායක නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය ඇමති ටී.බී සරත්, අනුරාධ පුර දිස්ත්‍රික් නායක වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වේ.

“ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් යුතුව පැවැත්වෙන මෙම ගොවි රැලිය අද පස්වරු 04.00ට පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේදී ආරම්භ විය.

Facebook
Twitter
LinkedIn